ලබන සැප්තැම්බර් 09 වනදා ඩුබායිහිදී ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, ලබන මස 24 වනදා දක්වා තරග පැවැත්වෙන අතර, පළමු තරගය ඇෆ්ගනිස්ථාන සහ හොංකොන් අතර, ලබන මස 09 වනදා පැවැත්වා.
ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය කණ්ඩායම සමග ලබන මස 13 වනදා පැවැත් වීමට නියමිතයි.
ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය සහ හොංකොන් කණ්ඩායම් ආසියානු කුසලානය සදහා මෙවර තරග වදිනවා.