ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ලබන මාසයේ සිට යළි ආරම්භ කිරීමට පියවර

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළිත් ලබන මාසයේ සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, ඒ සඳහා සුදුසු අය හඳුනා ගැනීම මේ වන විට සිදු කරමින් සිටින බවයි එහි සභාපති ප්‍රේමසිරි ජයසිංහආරච්චි ප්‍රකාශ කළේ.

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අක්‍රිය වන අවස්ථාව වන විට ධීවරයන් 60,000ක් පමණ එම ප්‍රතිලාභ ලබා ගනිමින් සිටි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සි‍ටියා.