බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික බඩඉරිඟු කාර්ය සාධන බලකායක් පිහිටුවා තිබෙනවා.
ඒ අනුව ගොවීන්ගේ සහ නිලධාරීන්ගේ යෝජනා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමනායක සඳහන් කළේ.
බඩඉරිඟු බහුලව වගා කරන බදුල්ල, මොනරාගල සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල ගොවි නායකයින්ගේ ප්‍රධානත්වයෙන් යෝජනා ලබා ගැනීමේ සාකච්ඡාවක් ගන්නෝරුවේදී ඊයේ පැවැත්වුණා.
ඊට අදාළ තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙන්නේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්.
ඉන් අනතුරුව බඩඉරිඟු සඳහා අවම මිලක් නියම කිරීමට අපේක්ෂා කරන බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.