2025 මුල් මාස 07 තුළ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 4.4 ඉක්මවයි

2025 වසරේ ගතවූ මාස 07ක කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4.43ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව, ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ වාර්තා වූ ඉහළම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කරමින්, 2025 ජූලි මාසය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 697.3 ක් මෙරටට ලැබී ඇති බවයි මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරන්නේ.

2025 වසරේ ගතවූ පළමු මාස 07ක කාලය තුළදී 173,189 දෙනකු රැකියා සඳහා විදේශගත වී ඇති අතර, ඒ අතුරින් 106,229 ක් පිරිමි ශ්‍රමිකයන් වන අතර, 66,960 දෙනෙකු කාන්තා ශ්‍රමිකයන් බවයි සඳහන් වන්නේ.