සීදූවේ දී පුද්ගලයෙකු කපා කොටා මරා දමලා

සීදූව පොලිස් වසමට අයත් ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පිරිසක් විසින් ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරදු 40ක ඊරියගහළිඳ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිදධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.