දේශීය කෘත්‍රිම බුද්ධිය (AI) පදනම් කරගත් ආරම්භක ව්‍යාපාර සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 100 ක කෘත්‍රිම බුද්ධි (AI) අරමුදලක් දියත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති මොතිලාල් ද සිල්වා ඊයේ (12) මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.
ඒ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත රජයේ කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය (AI Expo) විවෘත කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදියී.
එහිදී ඔහු පැවසුවේ අරමුදල, දළ වශයෙන් රුපියල් මිලියන 100 කින් ආරම්භ කිරීමට උත්සාහ කරන බවයි.
ගෝලීය සමාගම්වලින් 20%ක ප්‍රමාණයක් 2017 වසරේදී සිය ව්‍යාපාර සඳහා AI භාවිත කර ඇති අතර එය මෙම වසරේ 78% දක්වා වේගවත් වෙමින් පවතින බවයි ඔහු පවසන්නේ.
තවද, 2030 වන විට ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් කරා යාමට ඉලක්ක කර තිබෙන බවත් එහි වර්ධනයෙන් 10-12% ක් දායකත්වයක් AI විසින් සැපයිය යුතු බවත් ඔහු කියා සිටියා.
රැස්ව සිටි පිරිස අමතමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පැවසුවේ ශ්‍රී ලංකාව එහි කලාපීය අසල්වැසියන්ට සාපේක්ෂව පිටුපසින් සිටින බවත්, AI හි වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අනුවර්තනය වීමට අවශ්‍ය බවත්.