නිරීක්ෂණ චාරිකාවක් අතරතුර මාදුරුඔය ජලාශයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ ගුවන් නියමුවා වන ෆ්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා.
ඒ අනුව, මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා කඳවුරෙන් ගුවන්ගත කර තත්පර 30 ක් ඇතුළත තමා පැදවූ බෙල් 212 හෙලිකොප්ටර් යානය තම පාලනයෙන් මිදී ජලාශයට කඩා වැටුණු බවයි, මෙම සිද්ධියට අදාළව මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ.
හෙලිකොප්ටර් යානය පාලනයෙන් මිදී මාදුරුඔය ජලාශයට කඩා වැටුණේ තමාගේ වරදකින් නොවන බවට විශ්වාස කරන බවද, යානයේ ඇති වූ යම් කාර්මික දෝෂයක් නිසා එය කඩා වැටෙන්නට ඇති බවට තමා සැක කරන බවද, ඊට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු වී නොමැති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
අදාළ නඩුව මේ මස 21 වැනිදා යළි කැඳවීමට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල විසින් නියෝග කළ අතර, අනතුරින් මිය ගිය ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනාගේ සහ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයන් සිව් දෙනාගේ මරණවලට හේතුව එදිනට ප්‍රකාශයට පත් කිරීමට තීන්දු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.