පොලිස්පති කාර්යාලය සමඟ ඍජුව සම්බන්ධ වීමට හැකි නව WhatsApp අංකයක් පොලීසිය විසින් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, මහජනතාවට මුහුණ දීමට සිදු වන අපරාධ සහ විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම නව WhatsApp අංකය හඳුන්වා දී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
071-8598888 යන එම නව WhatsApp අංකය අද සිට ක්‍රියාත්මක වන අතර, පොලිස්පතිවරයා වෙත ඍජුව කෙටි පණිවුඩ, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමු කිරීම සඳහා පමණක් මෙය භාවිත කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.