කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද සංකේත වර්ජනයක

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ අද (13) පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයකු රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එහි සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේ.

සුදුසුකම් සහිත ඖෂධවේදීන් තම සේවය සපයමින් සිටින අතරතුර, සේවා අවශ්‍යතාව නොමැති ඖෂධ සංයෝජකවරයකු මෙලෙස අනුයුක්ත කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කළද මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.