වසරේ දෙවෙනියට විශාලතම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ

මෙම අවසරේ දැකගත හැකි ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද (12) රාත්‍රියේදී සහ හෙට (13) අලුයම් කාලයේදී දැකගත හැකි වන බව අභාවකාශ විද්‍යාඥ, ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.

වාර්ෂිකව දැකගත හැකි දෙවෙනියට විශාලතම උල්කාපාත වර්ෂාව මෙය බවයි ඔහු පවසා සිටියේ.

මෙහි තවත් විශේෂත්වයක් ලෙස ඔහු දක්වන්නේ පැයකට 100ක පමණ උල්කාපාත වර්ෂාවක් දැක ගත හැකි වීමයි.

මධ්‍යම රාත්‍රියේ  ක්ෂිතිජයෙන් මතුවන පර්සියස් තාරුකා රාශිය අළුයම් කාලය දක්වා ඉහළට ගමන් කරන හෙයින් මෙම උල්කාපාත වර්ෂාව දැකගත හැකි හොඳම වෙලාව ඉර නැගීමට පෙර උදෑසන 05.00 පමණ බවයි ගිහාන් වීරසේකර පවසා සිටියේ.