මීගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

වෙඩි වැදීමට ලක්වූ හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී මරුට

මීගොඩ, ආටිගල හරස් මාර්ගයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලබා සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මියගොස් තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයාට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.