අගමැති ධුරය ගැන ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් ගැන ගම්මන්පිල හෙළිකරයි

ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම ධුරයට බිමල් රත්නායක පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ අභ්‍යන්තර සාකච්ඡාවක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගත්තේ හුදෙක්ම ආණ්ඩුවේ වුවමනාවක් මත බවයි.