සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සහ දුර ගමන් සේවා සඳහා සති අන්තයේ “ELLA WEEKEND EXPRESS” නමින් නව දුම්රියක් ලබන සෙනසුරාදා (16) සිට ධාවනයට එක් කෙරේ.
ශ්‍රී ලංකාවේ පවතින ස්වභාව සුන්දරත්වය විද ගනිමින් කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කිරීමට දේශීය මහජනතාවගේ සහ විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස “ELLA WEEKEND EXPRESS” නව දුම්රිය ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරයි.
ඒ අනුව 2025.08.16වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 05.30ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ 2025 08.17 දින සිට සෑම ඉරිදා දිනකම පස්වරු 01.45ට බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතය.