2025 වසරේ මේ දක්වා කාලය තුළ විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස 120,000 ඉක්මවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, හෙරොයින් සම්බන්ධයෙන් පුද්ගලයන් 39,627ක්, අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 47,615ක් සහ ගංජා සම්බන්ධයෙන් පුද්ගලයන් 42,620ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එම මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 934.55ක්, අයිස් කිලෝග්‍රෑම් 1402.976ක් සහ ගංජා කිලෝග්‍රෑම් 11,620.068ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද සඳහන්.
මහාමාර්ගයේ රථවාහන වැරදි සම්බන්ධයෙන්ද මෙහෙයුම් දියත් කර ඇති අතර, ඒ අනුව බීමත් රියදුරන් 118 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය ඇතුළු වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3,595 දෙනෙකු සඳහා නීතිමය පියවර ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.