දඹාන ආදීවාසී ජන උරුම කෞතුකාගාරයට යුරෝපානූ සංගමයේ අරමුදල්කරණයේ සම්පත් සංවර්ධනය සහ ප්‍රජා සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය හරහා නව ජීවයක් එක් වෙයි.

ශ්‍රී ලංකාවේ ආදිවාසී වැදි ජනතාවගේ ශතවර්ෂ ගණනක් පැරණි සංස්කෘතික උරුමයට යුරෝපානූ සංගමයේ අරමුදල්කරණයේ සම්පත් සංවර්ධනය සහ ප්‍රජා සවිබලගැන්වීමේ (DeREC) ව්‍යාපෘතිය හරහා සොලිඩරිඩැඩ් Solidaridad ආයතනය විසින් මෙහෙයවනු ලැබූ දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාරයේ ප්‍රතිසංස්කරණය සමඟ විශිෂ්ඨ නව ජීවයක් ලබාදී ඇත. මෙම අභිලාෂකාමී ව්‍යාපෘතිය සංස්කෘතික සංරක්ෂණය සහ ප්‍රජා සංවර්ධනය සඳහා අභිනව ප්‍රවේශයක් පෙන්නුම් කරයි.


ශ්‍රී ලංකාවේ අවසාන ආදිවාසී කණ්ඩායම ලෙස පිළිගත් වැදි ප්‍රජාව මෑත වසරවලදී වැඩි වන ආර්ථික හා පරිසර පීඩනයට මුහුණ දෙමින් සිටී. මේ අභියෝගවලට විසඳුම් ලබාදෙමින් සහස්‍රයන් ගණනාවක් පුරා රැකුණු සංස්කෘතික සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් කෞතුකාගාරයේ පුනරුත්ථානය කොට ඇත.


මුතුන් මිත්තන්ගේ කෞතුක වස්තුව ආදිවාසී මහගෙදරට ගෙන ඒම සහ එහි ඓතිහාසික පසුබිම ස්මතු කිරීම.



ව්‍යාපෘතියේ වඩාත් වැදගත් ජයග්‍රහණයක් වූයේ ස්විස්ටර්ලන්තයේ බාසල් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයෙන් මුතුන් මිත්තන්ගේ ඇටසැකිලි හා සංස්කෘතික කෞතුකවස්තු ආපසු ගෙන ඒමෙන් පසු නවීන තාක්ෂණය භාවිතයෙන් නැවත සංරක්ෂණය කිරීමයි. වසර 300 වැඩි කාලයක් පැරණි මේ නිධන්, මුල් 18 වන සියවසේදී සරසින් සහෝදරයන් විසින් එකතු කරන ලද ඒවා වන අතර දැන් කෞතුකාගාරයේ නව ප්‍රදර්ශනවල කේන්ද්‍රීය කොටස සදහා යොදාගෙන ඇත.
‘මෙය කෞතුක වස්තු ආදිවාසී මහගෙදරට ගෙන ඒමට වඩා වැඩි දෙයක් – එය අපගේ ප්‍රජාව අපගේ මුතුන් මිත්තන් හා අපගේ අනන්‍යතාව සමඟ නැවත සම්බන්ධ කිරීමක්’ ව්‍යාපෘතියේ සංවර්ධනයේ මුඛ්‍ය කාර්යභාරයක් ඉටු කළ වැදි ප්‍රජාවේ ප්‍රධානියා වන ගරු උරුවරිගේ වන්නිල ආත්තෝ පැවසීය.
ආපසු ගෙන ඒමේ ප්‍රයත්නයෙන් පසු නැවත සංර්කෂණ කටයුතු වෙනුවෙන් සොලිඩරිඩැඩ් Solidaridad ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතර පුළුල් සහයෝගිතාව ඇතුළත් වූ අතර, එය සංස්කෘතික සංරක්ෂණයේ ජාත්‍යන්තර සහයෝගිතාවයේ ශක්තිය පෙන්නුම් කරයි.


බහුපාර්ශ්වික ප්‍රවේශය නිසා ව්‍යාපෘතියේ සාර්ථක විය.


කෞතුකාගාරයේ පරිවර්තනය පොදු දැක්මකින් යුත් විවිධ පාර්ශ්වකරුවන් එකට ගෙනා අද්විතීය සමුහ ආකෘතියක් හරහා සාක්ෂාත් කරගන්නා ලදී. මේ සහයෝගිතාවට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ආදිවාසී ප්‍රජාවගේ පදනම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා සහ මානව ව්‍යුහ විද්‍යා අංශවල විශේෂඥ අධ්‍යාපනවේදීන් ඇතුළත් විය.
මෙම බහුභාගිකයන්ගේ ප්‍රවේශය වැදි සංස්කෘතික වටිනාකම් හා ක්‍රියාකලාපවලට අව්‍යාජ වීම නිරන්තරව තහවුරු කරමින් ජාතික උරුම ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නැවත ගොඩනැගීම සිදු කෙරෙන බව සහතික කරන ලදී. සොලිඩරිඩැඩ් Solidaridad ආයතනය විසින් විසින් DeREC හරහා මිලියන 15ක් පමණ වන වැඩිම අරමුදල් කොටසක් ආධාර කරන ලද අතර සමුහ සාමාජිකයන්ගේ කැපවීම සහ අරමුදල් දායකත්වයන්ගෙන් එය පරිපූර්ණ විය.




නූතන ප්‍රමිතීන්ගෙන් පරම්පරික උරුමය සංරක්ෂණය කිරීම.


නවීකරණය කරන ලද කෞතුකාගාරයේ දැන් භාව පරම්පරා සඳහා කෞතුකවස්තු සංරක්ෂණය කිරීම සඳහා නවීනතම සංරක්ෂණ පද්ධති සහ ප්‍රදර්ශන අවකාශ ඇතුළත් වේ. විශ්වවිද්‍යාල පර්යේෂකයන් විසින් පවත්වන ලද පුරාවිද්‍යා සහ මානව විද්‍යා අධ්‍යයනයන් නවීකරණයක් අධ්‍යාපනික අත්දැකීම ඉහළ නංවන වෛද්‍යශාස්ත්‍රීය පදනමක්, සංස්කෘතිකව ගෞරවනීය ව්‍යාකරණ ද්‍රව්‍ය ජනනය කර ඇත.
යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් සම්ප්‍රදායික වැදි ගෘහ නිර්මාණ අංග ඇතුළත් කරමින් ජාතික කෞතුකාගාර ප්‍රමිතිවලට අනුකූලව සිදුවන අතර, උරුම සහ නවීන සංරක්ෂණ ප්‍රයෝගයන් දෙකටම ගෞරව කරන අවකාශයක් නිර්මාණය කරයි.
සංස්කෘතික සංචාරක ව්‍යාපාරය වැඩිදියුණුව හරහා ප්‍රජාව සවිබලගත කිරීම
සංරක්ෂණයෙන් ඔබ්බට, ව්‍යාපෘතිය වැදි ප්‍රජාවට ස්පර්ශ කළ හැකි ආර්ථික අවස්ථා නිර්මාණය කර ඇත. විශේෂඥ පුහුණු වැඩසටහන් වැදි පිරිමින් සහ ගැහැණුන්ට සම්ප්‍රදායික රංගකරණ, හස්ත කර්මාන්ත නිෂ්පාදනය සහ ආහාර පිසීමේ අත්දැකීම් ඇතුළුව සංචාරක ක්‍රියාකාරකම්වලට


ක්‍රියාකාරීව සහභාගී වන සුදුසුකම් සපයා ඇත.

සංචාරක වටිනාකම් ඇතුළත් මේ ඒකාබද්ධතාව වන සම්පත් මත ප්‍රජාවගේ යැපීම අඩු කරමින් තිරසාර ආදායම් විකල්පයන් සපයයි – ආර්ථික අවශ්‍යතා සහ පරිසර සංරක්ෂණ ඉලක්ක දෙකම සම්පූර්ණ කරයි.
දඹාන අද්විතීය සංස්කෘතික සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කරමින්, මෙම මුලධර්මය ලොව පුරා සංචාරකයන් අතර අන්තර්සංස්කෘතික අවබෝධය ප්‍රවර්ධනය කරමින් වැදි ප්‍රජාවගේ අනන්‍යතාව ශක්තිමත් කරයි.
ව්‍යාපෘතියේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් හරහා DeREC මෙහෙයවන සංවර්ධනය, පාරම්පරික උරුම ආරක්ෂාව සහ දේශගුණික විපර්යාස ජීවනෝපායන් සඳහා යුරෝපානු සංගමයේ කැපවීම පිළිබිඹු කරයි.


අනාගතය උදෙසා


ප්‍රතිසංස්කරණය කරන ලද කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් මේ අගෝස්තු මාසේදී නිල වශයෙන් නැවත විවෘත කරන ලදී, එය වැදි ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංචාරක භූ දර්ශනය යන දෙකටම නව පරිච්ජේදයක ආරම්භය සනිටුහන් කරයි. මුල් සංචාරක ප්‍රතිපෝෂණය අතිශය ධනාත්මක වී ඇති අතර, බොහෝ දෙනෙක් වැදි සංස්කෘතික අත්දැකීමේ ගැඹුර හා අව්‍යාජභාවය ගැන තම විස්මය ප්‍රකාශ කරයි.
වැදි ජනතාවට, කෞතුකාගාරය සංචාරක ආකර්ෂණයකට වඩා වැඩි දෙයක් නියෝජනය කරයි – එය සංස්කෘතික ප්‍රතිරෝධයේ ප්‍රදීපයක් සහ පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන් පැවත්වූ භූමිය සහ සම්ප්‍රදායන් සමඟ ඔවුන්ගේ නොනැසී පවතින සම්බන්ධතාවයේ සාක්ෂියක් ලෙස පවතී.
ව්‍යාපෘතියේ සාර්ථකත්වය දැනටමත් අනෙකුත් ආදිවාසී ප්‍රජාවන්ගේ සහ සංවර්ධන සංවිධානවල අවධානය ආකර්ෂණය දිනාගෙන ඇති අතර, දඹන වැදි ගම්මානයේ ආදර්ශය ලොව පුරා සමාන සන්දර්භවල නැවත භාවිතා කළ හැකි බවට ලොවට යෝජනා කරයි.
පූර්ව මට්ටම්වලට සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් ප්‍රතිපත්තියක් වන විට, වැදි ජන උරුම කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ වඩාත්ම සුවිශේෂී සංස්කෘතික ගමනාන්තයන්ගෙන් එකක් වීමට සූදානම් කර ඇති අතර, සංචාරකයන්ට ලොවේ පැරණිතම අඛණ්ඩ සංස්කෘතීන්ගෙන් එකක් සම්බන්ධයෙන් අව්‍යාජ දර්ශනයක් සලසමින් එහි භාරකරුවන්ට තිරසාර සමෘද්ධිය ලබා දෙයි.

සංරක්ෂණයට පෙර



සංරක්ෂණයට පසු