ජනපති හිමිකම් පනතට එරෙහිව උසාවි යන්නෑ – හිටපු ජනපති චන්ද්‍රිකා

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට පළව ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරියගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ එවැනි කිසිදු නෛතික ක්‍රියාමාර්ගයකට ඇය සම්බන්ධ වී නොමැති බවයි.

හිටපු අනෙකුත් ජනාධිපතිවරුන් සමඟ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට අදාළ වාර්තාවල දැක්වුණේ.