ආනයනික අල, ළූනු බදු අය කරන යෝජනාව ආහාර සුරක්ෂිතතා කමිටුවට

ආනයනික අර්තාපල්, රතු ළූනු හා ලොකු ළූනු සඳහා බදු අය කරන ලෙසට දේශීය ගොවීන් කරන ලද ඉල්ලීම් මේ වන විට ආහාර සුරක්ෂිතතා කමිටුවට යොමු කර ඇති බව වෙළෙඳ හා වාණිජ හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවා.

මෙම ගොවීන් දිගටම මෙම ඉල්ලීම සිදු කරන බවත්, එම ඉල්ලීම් ආහාර සුරක්ෂිතා කමිටුවට යොමු කර ඇති බවත්, එම කමිටුව මේ වන විට ඒ ගැන අධ්‍යයනය කරමින් සිටින බවත්, සමරසිංහ අමාත්‍යවරයා කියා සිටියා.

මේ වන විටත් ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් විස්සක්ද, රතු ළූනු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් පනහක්ද, ලොකු ළූනු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් දහයක්ද බදු අය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ.