අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව, ඊයේ (11) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.
නායකත්වය සහ සැලසුම් කිරීම සඳහා වන පුහුණු වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්රයේ ද්වි-පාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවද සඳහන් වෙනවා.
දෙමළ මාධ්‍ය සඳහා පවතින ගුරු හිඟයට විසඳුම් සෙවීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.