තුර්කියේ වයඹදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබෙනවා.
එහි කම්පන කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි ඉස්තාන්බුල් නගරයට පවා දැනී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම භූමිකම්පාව බලිකෙසිර් පළාතේ, සින්දිර්ගි නගරය අසලින් කේන්ද්‍රගත වී ඇති අතර භූමිකම්පාව ඇති වූයේ මතුපිට සිට කිලෝමීටර් 10-11ක පමණ නොගැඹුරු ගැඹුරකින්.
මෙම භූමිකම්පාව හේතුවෙන් සින්දිර්ගි නගරයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
භූමිකම්පාවෙන් පසු රික්ටර් මාපකයේ 4.6ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පනයක්ද ඇතුළුව තවත් පසු කම්පන කිහිපයක් ඇති වූ බව තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ ඒජන්සිය (AFAD) තහවුරු කරන්නේ.
තුර්කිය ප්‍රධාන භූගෝලීය දෝෂ කලාප කිහිපයක් මත පිහිටා ඇති බැවින් නිතර භූමිකම්පා වලට ගොදුරු වන රටක් වෙන අතර 2023 පෙබරවාරි මාසයේදී, රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබල භූමිකම්පාවක් තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශයට බලපෑ අතර, එමගින් දස දහස් ගණනක් මිය ගොස් තවත් බොහෝ පිරිසකට තුවලා සිදුවුණා.