අලුත්ගම, මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය විදේශ කාන්තාවක් අද (11) පෙරවරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන වියට්නාම ජාතික කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ කාන්තාව මොරගල්ල වෙරළ තීරයේ විනෝද වෙමින් සිට ඇති අතර, එහිදී ඇය දියේ ගිලී ගසාගෙන ගොස් ඇති අතර, පසුව ඇගේ දේහය බෙන්තර වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.