ගුරු අධ්‍යාපන සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.එහිදී මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් පවතින බවයි.
උතුරු මැද පළාත සඳහා පසුගියදා පත්කළ නිලධාරීන් 6 දෙනෙකු අතරින් 5 දෙනෙක් යළි ස්ථාන මාරුවීම් ලබාගෙන ඇති බවද මන්ත්‍රිවරුන් එහිදී පෙන්වා දුන්නා.