රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධීව කටුනායක ගුවන් තොටුපොළෙන් පිටට ගෙනයමින් සිටි ලාංකික ගුවන් මගියෙකු අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්.
ඔහු මහනුවර, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංච් 24 හැවිරිදි අයෙක් වන අතර ඩුබායි හි ගෘහ සේවයේ නිරතව සිටි පුද්ගලයෙක්.
මේ තැනැත්තා අද අලුයම 05.35ට ඕමානයේ, මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ ඕ.වී – 437 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
සැකකරු රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ වෙළඳ නාම දෙකකට අයත් දුම්වැටි 40,000ක් අඩංගු කාටූන් 200ක් සඟවා ගෙන සිටි බවයි පොලිසිය පවසන්නේ.
එම සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.