බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24, 25 සහ 40 වියේ පසුවන්නන් තිදෙනෙකි.
පසුගිය 7වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර, එහිදී තුවාල ලැබූ පස් දෙනෙකු රෝහල්ගත කළේය.
කෙසේ නමුත් ඉන් දෙදෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවකු පොලීසිය විසින් මීට පෙර ද අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු මේ වනවිට දින තුනක රැදවුම් නියෝග ගෙන ප්‍රශ්න කරමින් සිටියි.