මධ්‍යම කඳුකරයේ හැටන් අවට ප්‍රදේශවලට මද වැසි සමඟ විටින් විට දැඩි මීදුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
එම ප්‍රදේශවල මාර්ග ලිස්සන සුළු වීම සහ මීදුම නිසා මාර්ග නොපෙනී යන තත්ත්වයන් පවතින බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන්, මෙම ප්‍රදේශවල මාර්ගවල රිය ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ඉතා කල්පනාකාරීව රිය පදවන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.