දුම්රිය ආසන වෙන්කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය හෝ Passport අංකය ඇතුළත් කර තිබේදැයි පරික්ෂා කරනවා – දුම්රිය සාමාන්‍යාධිකාරී

දුම්රියේ ආසන වෙන්කර ගමන් ගන්නා මගීන් දැඩි පරීක්ෂාවකට ලක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, දුම්රිය ආසන වෙන් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කර ඇද්දැයි පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් සිදුකරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.

ආසන වෙන් කිරීමේ ටිකට්පත් වැඩි මුදලට අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳ පැමිණිලි ඉහළ යාමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා. මින් ඉදිරියට, දුම්රිය ආසන වෙන්කර ඒවායේ ගමන් කළ හැක්කේ අදාළ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ මගීන්ට පමණක් බවයි ධම්මික ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.