ජාතික තරුණ සමුළුව හෙට කොළඹදී පැවැත්වෙයි

ජාතික තරුණ සමුළුව හෙට (12) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර ජාතික තරුණ සමුළුව පැවැත්වෙන්නේ වසර 32කට පසුව බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති, නීතිඥ සුපුන් විජේරත්න මහතා සඳහන් කළා.

මෙම සමුළුව සඳහා තරුණ තරුණියන් 6,000කට වැඩි පිරිසක් සහභාගී වනු ඇති අතර, එහිදී යෞවන සමාජ සඳහා නව නිලධාරී මණ්ඩලයක් හඳුන්වා දීමද සිදු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.