ජල සැපයුම අත්හිටුවීමේ නිවේදනයක්

ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නලයේ පිරිසිදු කිරීමේ හා විශබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන් හෙට (11) පෙ.ව. 10.00 සිට ප.ව. 08.00 දක්වා පැය 10 ක කාලයක් රපොකුණගම,බටලීය. අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාපවල ජල සැපයුම් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

මේ අනූව නිට්ටඹුව කන්දහේන, මාපගොල්ල, ගස් දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය රන්පොකනගම, රන්පොකනගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, උරොපොල, දික්කන්ද, මීවිටිගම්මන, පා ඉඹුල, මාතලාන, භග්ගල්ල, අලවල, කලල්පිටිය, ඇල්ලමුල්ල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීම සිදුවනු ඇති.

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදු වන අපහසුතාවය පිළිබඳව එම මණ්ඩලය සිය කණගාටුව පල කරනවා.