හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් අද විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

යෞවන සමාජ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධකාරී තත්ත්වය ගැන මෙහිදී අදහස් දැක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ මුල් කාලීන අරමුණු මෙන්ම සිය පාලන සමයන්හි ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජවල කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අදහස් දක්වනු ඇති.

ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස කටයුතුකර ඇත්තේ රනිල් වික්‍රමසිංහයි.