තිළිණ සම්පත් නොහොත් “වලස් කටා” බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයෙන් පලා යාමට උත්සාහ දරා තිබෙනවා.
ඒ අනුව, ඊයේ (09) රාත්‍රි 9.15ට පමණ, වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා අත් මාංචු ගලවා ගත් සැකකරු නිලධාරීන් සිව් දෙනෙකු සමඟ වැසිකිළියට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී, වැසිකිළියට යන අතරතුරදී වලස් කටා නිලධාරීන්ට පහර දී තුන්වැනි මහලින් බිමට පැන ඇති අතර, ඔහුගේ දෙපා කැඩී ගොස් එක් අතක් වැළමිට ප්‍රදේශයෙන් බිඳී ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළා.
සැකකරු මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.