ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට මාසයකට පසු වාර්තා වූ අඩුම අගය සටහන් කර තිබෙනවා.
අද වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 66යි ශත 59ක් ලෙස සටහන් වූ අතර, එය ඊයේ දිනට සාපේක්ෂව සුලු ඉහළ යාමක්.
ජූලි මස අවසානයේ ඩොලර් 70 සීමාව ඉක්මවූ බොරතෙල් මිල ක්‍රමිකව අඩුවූ අතර ගතවූ සතිය තුළම එය ඩොලර් 67 ඉක්මවූයේ නැහැ.
ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිලද මේ වන විට සටහන් වන්නේ ඩොලර් 63 ත් 64 ත් අතර අගයකයි.