මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලේකම්වරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මහරගම පොලීසිය වෙත ඇමතුම් ලබා දුන් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ සැකකරු විසින් හොරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලීසියෙන් නිදහස් කර ගැනීම සඳහා මෙලෙස ඇමතුම් ලබා දී ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් මේ වන විට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මේ සම්බන්ධව විශේෂ විමර්ශනයක්ද මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ හෝ කිසිදු අයෙක් ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අයුතු බලපෑමක් හෝ අයුතු මැදිහත් වීමක් සිදු නොකරන බවය.
එමෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම සඳහාත් රට තුළ නීතියේ හා විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහාත් විශේෂ මැදිහත්වීමක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විටත් සිදුකරමින් පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ නමින් හෝ අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ යැයි පෙනී සිටිමින් යම් පුද්ගලයෙකු අනීතික ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නම් හෝ පොලීසිය ඇතුලු ආයතනවලට අයුතු බලපෑමක් සිදු කරන්නේ නම් අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කර තිබේ.