තවත් රාජ්‍ය ආයතන 50 ක්, GovPay පද්ධතිය හා සම්බන්ධ කිරීමට පියවර ගෙන තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සඳහන් කළේ, ලබන සැප්තැම්බර් මාසයේ සිට එය ක්‍රියාත්මක බවයි.
ඒ අනුව GovPay පද්ධතිය හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව 100 ක් දක්වා ඉහළ යනු ඇත.
එළඹෙන සැප්තැම්බර් මාසය, ඩිජිටල් ආර්ථික මාසය ලෙස නම් කර තිබේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මතයි.
රටම ඩිජිටල් ආර්ථිකයක් කරා යොමු කිරීම, එහි අරමුණ වේ.
ඒ අනුව ඩිජිටල් ආර්ථික මාසය තුළ, එහි ප්‍රතිලාභ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.