මිනුවන්ගොඩ – උන්නාරුව ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හොරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් ඊයේ සිදු කළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් සොයාගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.