මහ කන්නයේ වගා හානි වන්දි මිලියන 1,484ක් ගෙවා අවසන්

2024/2025 මහ කන්නයේ වගා හානි වන්දි ලෙස මෙම වසරේදී රුපියල් මිලියන 1,484ක් ගෙවා අවසන් බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

මේ යටතේ වී, බඩ ඉරිඟු‍, ලොකු ලූණු, මිරිස්, සෝයා, අර්තාපල් වගාකර තිබූ ඉඩම් අක්කර 87,690 ක් සදහා ගොවීන් 74,958 කට මෙලෙස වන්දි ලබා දී ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

නියඟය, ගංවතුර සහ වන අලි උවදුරු හේතුවෙන් සිදුවූ හානි වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව මෙලෙස වන්දි පිරිනමනු ලැබුවා.

එමෙන්ම, ගොවි ජනතාව වැඩි වශයෙන් වගා කටයුතු සඳහා යොමු කිරීමේ පරමාර්ථය මත නොමිලේ වගා රක්ෂණ ක්‍රමවේදය යටතේ මෙම වගා හානි වන්දි පිරිනමා තිබෙන බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කළේ.