තුසිත හල්ලොලුවත් අතුරුදන්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුව සහ නීතීඥ දිනේෂ් දොඩංගොඩ ගමන් කරමින් සිටි ජිප් රථයට යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා ජිප් රථයේ තිබුණු ලිපි ගොනුවක් පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන සිදු කරනවා.

මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වනවා.

ඔහු උන්හිටිතැන්වලින් අතුරුදන්ව ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරන්නේ.

තුසිත හල්ලොලුව පදිංචිව සිටින නිවස ද කොළඹ අපරාධ කොට්ඨාශයේ කණ්ඩායමක් ගොස් ඇතත්, එම නිවසේ මේ වන විට ඔහු නොමැති බවයි පොලිසිය පසන්නේ.

තුසිත හල්ලොලුව එන යන ස්ථාන කිහිපයකටද කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ගොස් ඇතත් ඒ තැන්වලද ඔහු සිට නැහැ.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු, යතුරුපැදිකරු, සහ ඔවුන් දෙදෙනාව මෙහෙයවන ලද සැකකරුවන් කිහිප දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරනවා.

තාක්ෂණික විමර්ශන ඇතුළු පරීක්ෂණ වලින් හෙළි වූ තොරතුරු මත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන අංශ කටයුතු කරමින් සිටින බවද වාර්තා වනවා.