OpenAI ආයතනය විසින් ඔවුන්ගේ නවතම කෘත්‍රිම බුද්ධි චැට්බෝට් (ChatGPT) මාදිලිය වන GPT-5 එළිදක්වා තිබෙනවා.
මෙම නව මාදිලිය “වඩාත් බුද්ධිමත්, වේගවත් හා ප්‍රයෝජනවත්” බව OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන් එහිදී සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, GPT-5 හට PhD මට්ටමේ ප්‍රවීණත්වයක් ඇති බවත්, එය ඉතිහාසයේ වෙනත් කිසිම අවස්ථාවක සිතාගත නොහැකි තරම් දියුණු නිර්මාණයක් බවයි.
මෙම නවතම AI චැට්බෝටය, කේතකරණය (coding), ලිවීම සහ විවිධ විෂයයන් පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා දීමට සමත් බව OpenAI ආයතනය ප්‍රකාශ කරනවා.
ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ, GPT-3 පාසල් සිසුවෙකු සමඟ කතා කරනවා වැනි හැඟීමක් ලබා දුන් බවත්, GPT-4 විශ්ව විද්‍යාල සිසුවෙකු සමඟ කතා කරනවා වැනි හැඟීමක් ලබා දුන් නමුත්, GPT-5 සමඟ ඕනෑම විෂයයක් පිළිබඳ ප්‍රවීණයෙකු සමඟ කතා කරනවා වැනි හැඟීමක් දැනෙන බවයි.
කෙසේ වෙතත්, සමහර විචාරකයින් පෙන්වා දෙන්නේ මෙය වැඩි වශයෙන් අලෙවිකරණ උපක්‍රමයක් විය හැකි බවයි.
එසේම, AI පද්ධති දියුණු වීමත් සමඟ ඒවා නිසි ලෙස පාලනය කිරීම සඳහා නීති රීති අවශ්‍ය බවටද විද්වත්හු මත පළ කර තිබෙනවා.
කෙසේවෙතත්, මෙම නව මාදිලිය සියලුම පරිශීලකයින් සඳහා ඉදිරි දිනවලදී ලබා දීමට නියමිත බවයි එම ආයතනය නිවේදනය කර ඇත්තේ.