ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අද (07) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මෙම පනත් කෙටුම්පත සම්මතවීමත් සමඟ මේ වනවිට නිල නිවාසවල රැඳී සිටින හිටපු ජනාධිපතිවරුන්ට සිය නිල නිවාසවලින් ඉවත්වීමට සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.