මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද (07) පැවැත්වෙනවා.
ඒ අනුව, අද රාත්‍රී 7.02 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව එම පෙරහැර ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
පෙරහැර පිටත්ව, ශ්‍රී දළදා වීදිය, යටිනුවර වීදිය, හරස් වීදිය, ඊ.එල් සේනානායක වීදියේ ගමන් කර කන්දේ වීදිය ඔස්සේ පැමිණ ඩී.එම් සේනානායක වීදියේ ගමන්කර රජ වීදිය ඔස්සේ ඉහළටවිත් සිව්වෙනි රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතයි.
තෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රි 7.02 සිට ‘හෙළකුරු’ ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.
අද දිනයේ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම පහතින්.