එක්සත් ජනපදය විසින් බ්‍රසීලයට පනවා ඇති සියයට 50ක තීරුබදුවලට එරෙහිව බ්‍රසීලය ලෝක වෙළෙඳ සංවිධානයට (WTO) පැමිණිල්ලක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ට්‍රම්ප්ගේ නවතම තීරුබදු යෝජනාව මගින් කෝපි, හරක් මස් සහ සීනි ඇතුළු ප්‍රධාන අපනයන සඳහා බ්‍රසීලයට සියයට 10 සිට සියයට 50 දක්වා තීරුබදු ඉහළ නැංවූවා.
සිවිල් ගුවන් යානා, දොඩම් යුෂ සහ පල්ප්, බ්‍රසීල ඇට වර්ග, ඇතැම් යකඩ, වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන ඇතුළු අනෙකුත් අපනයන 700කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර තිබුණා.
බ්‍රසීලයේ උප ජනාධිපති ජෙරල්ඩෝ ඇල්ක්මින් පැවසුවේ, නව තීරුබදු එක්සත් ජනපදයට කරන අපනයනවලින් සියයට 36කට පමණ අදාළ වන බවත්, එය පසුගිය වසරේ ඩොලර් බිලියන 14.5ක පමණ වෙළෙඳාමට සමාන බවත්.