ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ 20% ක තීරු බදු අද (07) සිට බලාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
පසුගිය අප්‍රේල් 2 වැනිදා, ඇමරිකාව ශ්‍රී ලංකාවට 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළ අතර, අනතුරුව එම අනුපාතය ලිහිල් කරගැනීම සඳහා ඇමරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමඟ ආණ්ඩුව සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස බදු ප්‍රතිශතය 30% ක් දක්වා අඩු කර ගැනීමට හැකි වුණා.
එම බදු ප්‍රතිශතයද තවදුරටත් අඩු කරගැනීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය දිනවල සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර, එහිදී ඇමරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20% ක් දක්වා අඩු කිරීමට කටයුතු කළා.