ආපදා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, නව ප්‍රවණතා හා ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ , ව්‍යසන කළමනාකරණය සඳහා වු ජාතික සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදී
ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාව මෙවර වසර හතකට පසුව රැස්වීම විශේෂත්වයක් වන අතර 2004 ඇතිවූ සුනාමි ව්‍යසනයත් සමඟ ආපදා කළමනාකරණය පිළිබදව ඇතිවූ ජාතික අවශ්‍යතාවය මත ආපදා කළමනාකරණ පනතට අනුව ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ස්ථාපිත කෙරුණි.
වත්මන් දේශගුණික විපර්යාසයන් හමුවේ ව්‍යසන කළමනාකරණය වඩා කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව එහිදි අවධානයට යොමුව තිබේ.
පැවැති ව්‍යසන කළමනාකරණය හා සහන සැලසීමට සම්බන්ධ මූල්‍යමය සීමාවන් සංශෝධනයටත්, නැවතී ඇති ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපතිවරයා එහිදි උපදෙස් දී තිබේ.
වර්තමාන තත්ත්වයන්ට ගැළෙපෙන පරිදි ආපදා කළමනාකරණ පනත යාවත්කාලීන කරන්නැයි ද ජනාධිපතිවරයා එහිදි උපදෙස් දී තිබේ.