ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (07) දින රැස්වීමට නියමිතව තිබේ.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතයි.

මේ අතර පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය ඊයේ (06) දිනයේ ඒ මහතා වෙත භාරදෙනු ලැබීය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් විසින් අදාළ ලිපිය ඔහුගේ නිවස වෙත ගොස් එම භාරදුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වු යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් හිමි වුයේ නැත.

කෙසේවෙතත් රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පමණක් යෝජනාවට ඡන්දය ලබාදීමෙන් වැළකි සිටියේය.

ඒ අනුව කතානායකවරයා වෙත යොමුකළ අතර ඊට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ දින අත්සන් කරනු ලැබීය.

අනතුරුව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇත.

ඒ අනුව අදාළ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ දිනයේ එම ලිපිය දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත භාරදීම සිදුකර තිබේ.