පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල යළි ලබන ජනවාරි මස 29 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පැමිණිල්ල අද (07) කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනුජා ලක්මාලී ජයතුංග ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.
ඒ අනුව, පැමිණිල්ල යළි ජනවාරි මස 29 වැනිදා කැඳවීමට නියම කළ මහේස්ත්රාත්වරිය, නීතිපති උපදෙස් සම්බන්ධයෙන් සිහි කැඳවීම් යොමු කිරීමටද නියෝග කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කන්සල්ටන්සි නැමැති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.