අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඔහු අද (06) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
රජයේ ඉඩමක ඉදිකර තිබූ, අරගලය සමයේ ගිනි තබන ලද නිවසකට අදාළව වෙනත් පුද්ගලයෙකු හරහා වන්දි ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා