භෞතික සහ ආධ්‍යාත්මික වශයෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
නූතනත්වයේ සංස්කෘතියකට රාජ්‍ය සේවය ගෙන යා යුතු බවත් එය ආරක්ෂා කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි අද (05) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ (SASA) 41 වන වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ.
නටබුන් වූ රාජ්‍ය සේවය නවීකරණය කිරීම සඳහා එහි භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමට ලබන වසරේ අයවැයේදී ප්රමුඛ අවධානය යොමු කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අදාළ නිවේදනය පහතින්.