රුපියල් මිලියන 182,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද පැවැත්වෙනවා.
ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 25,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.
එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 27,000ක භාණ්ඩාගාර බිල්පත් ද අද වෙන්දේසි කෙරෙනවා.