කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව, ගන්දර පොලිස් වසමේ දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කාවඩි පෙරහර හෙට (07) සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වාත්, අවසන් රන්දෝලි පෙරහර අනිද්දා (08) සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වාත් වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
පෙරහර ගමන් ගන්නා කාලය තුළ කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය වසා තැබෙන බැවින්, මෙම කාලය තුළ මෙම මාර්ගය භාවිත කරන රියදුරන් හට ඇති වන අපහසුතාව අවම කිරීම සඳහා පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය එම රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
විකල්ප මාර්ග ඇතුළත් නිවේදනය පහතින්.