මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහැර අද (06) පැවැත්වෙනවා.
ඒ අනුව, අද රාත්‍රී 7.06 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව එම පෙරහැර ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
පෙරහැර පිටත්ව, ශ්‍රී දළදා වීදියේ ගමන් කර, ඊ.එල් සේනානායක වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය සහ ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර, රජ වීදිය ඔස්සේ ඉහළට විත් තුන්වෙනි රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතයි.
තෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රි 7.06 සිට ‘<strong>හෙළකුරු</strong>’ ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.
අද දිනයේ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම පහතින්.