අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා එල්ල වූ සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට සූදානම් බව, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, සමාව ඉල්ලා සිටීමෙන් නොනැවතී, එසේ සමාව ගත් බවට දැන්වීම් පවා පළ කිරීමට තමන් සූදානම් බව එම සැකකාරිය සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන් අතර, තමන්ට එරෙහිව පවතින විමර්ශනය සමථයකට පත් කොට සිය අනාගතය සකස් කර ගැනීමට ඉඩ දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සිය සේවාදායිකාව වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයකට යාමට නියමිතව ඇති බවත්, ඊට පෙර මෙම සිද්ධිය සමථයකට පත් කර ගැනීමට අවස්ථාව ඉල්ලා ඇති බවයි අදාළ නඩුකරය මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.
මෙම සැකකාරියට චෝදනා ගොනු කරනවා ද, එසේත් නැතිනම් පරීක්ෂණය සමථයකට පත් කරනවා ද යන කාරණය පිළිබඳව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් උපදෙස් ලබාගෙන ඉදිරි දිනයක අධිකරණයට කරුණු දක්වන බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාරියට එරෙහි ස්ථාවරය ලබන 07 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කර තිබෙනවා.