වත්තල, හේකිත්ත, අල්විස් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් සහ එක් සැකකරුවෙකු ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17, 25 හා 27 වයස්වල පසුවන අය වන අතර, ඔවුන් කොළඹ 15 හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.
මෙහිදී සැකකරුවන් සතුව තිබී අපරාධයට යොදා ගත් ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.